හරක් කටා සහ කුඩු සළිඳු ගේන්න මැඩගස්කර් ගිය කණ්ඩායමෙන් බුද්ධි නිළධාරියා ඉවතට.

මැඩගස්කරයට පිටත්ව ගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම අද (13) හෝ හෙට (14) හරක් කටා සහ කුඩු සළිඳුව රැගෙන මෙරටට පැමිණීමට නියමිතය. පෙරේදා (11) පිටත්ව ගිය සිව් දෙනකුගෙන් සමන්විත මෙම පොලිස් කණ්ඩායම සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනකුගෙන් සමන්විත වන අතර, ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය නියෝජනය කරයි.

සෙසු නිලධාරීන් දෙදෙනාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් පොලිස් විශේෂ කාර්ය බළකායේත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ය.

විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම පාතාල අපරාධකරුවන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විශේෂ කාර්ය බළකායේ විශේෂ කණ්ඩායමක් නියෝජනය කරන නිලධාරීන්ය.

මෙම කණ්ඩායමට රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියකුත් ඇතුළත් කිරීමට නියමිතව තිබී ඇත. එහෙත් අවසාන මොහොතේ ඔහුව මෙම ගමනට ඇතුළත්කරගෙන නැත. ඊට මුල්වී ඇත්තේ මූල්‍යමය ගැටලුවක් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

මෙම අපරාධකරුවන් දෙදෙනාව මෙරටට රැගෙන ආ පසු රඳවා ගැනීමේ නියෝගයක් ලබාගනිමින් දීර්ඝ ලෙස විමර්ශනයක් පැවැත්වීමට ද මේ වන විට පොලිස් බලධාරීන් තීරණයකර තිබේ. ඊට මුල්වී ඇත්තේ ඔවුන් මත්කුඩු ජාවාරම හා සම්බන්ධ වෙමින් ත්‍රස්ත සංවිධාන සමඟ අවි ගනු-දෙනුවල නිරතව සිට ඇති බවට ඇති තොරතුරුය.

මැඩගස්කරයේ දී හරක් කටා සහ කුඩු සළිඳු සමඟ 08 දෙනෙක් අත්අඩංගුවට ගත්තද ඒ අයගෙන් රතු නිවේදන ඇත්තේ දෙදෙ‍ෙනක්ට වූ බැවින් මෙරටට මෙසේ භාර දෙනු ලබන්නේ ඔවුන් දෙදෙනාව පමණි.

ගයාන් කුමාර වීරසිංහ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *