සුඩානයට සෞදියෙන් පිළිසරණක්

විපතට පත් සුඩානයට සෞදි අරාබි රාජ්‍ය මඟින් සහන සැලසීමට සහ පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් වලට සහය වීමට ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ජනරජයේ සෞදි අරාබි රාජධානියේ තානාපති Khalid Hamoud Alkahtani විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇත.

“සෞදි රාජධානි නායකත්වයේ උපදෙස් යටතේ එම රාජධානියේ ප්‍රයත්නයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේදී මෙන්ම් දෙවියන් වහන්සේ ඔවුන්ට සාර්ථකත්වය ලබා දෙත්වා” ලෙස පවසන තානාපතිවරයා එහි පුරවැසියන් සහ සහෝදර සහ මිත්‍ර රටවල පුරවැසියන් සුඩාන ජනරජයේ සිට සෞදි රාජධානිය වෙත ගෙන්වා ගන්නා බව ප්‍රකාශ කළේය.
එමෙන්ම සෞදි පුරවැසියන් 13 දෙනෙක් අද (26) දින පෙරවරුවේ ජිද්දා නගරයට පැමිණි බවත්, එලෙස සුඩානයෙන් ඉවත් කරන ලද සහෝදර සහ මිත්‍ර රටවල පුරවැසියන් සංඛ්‍යාව 1674 ක් පමණ වන බවත් තානාපතිවරයා ප්‍රකාශ කරයි.

මෙලෙස මුදා ගත් පිරිස ඕමානය, ශ්‍රී ලංකාව, සිරියාව, ලිබියාව, ඇල්ජීරියාව, මොරොක්කෝව, ටියුනීසියාව, ලෙබනනය, ඊජිප්තුව, ඉරාකය, ජෝර්දානය, පලස්තීනය, මොරිටේනියාව, යේමනය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ ජර්මනිය එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය, අයර්ලන්තය, ප්රංශය, නෙදර්ලන්තය, ආර්මේනියාව, හංගේරියාව , ස්වීඩනය, තුර්කිය, ඉතියෝපියාව, සියරා ලියොන්, නයිජීරියාව, සෙනගල්, ටැන්සානියාව, ජිබුටි, කේප් වර්ඩ්, කොංගෝ, මැඩගස්කරය, අයිවරි කෝස්ට්, සෝමාලියාව, දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, මලාවි, ක්‍රොඒෂියාව, නිකරගුවාව, ලයිබීරියාව, දකුණු සුඩානය, කෙන්යාව, උගන්ඩාව පිලිපීනය, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, ඉන්දුනීසියාව, සිම්බාබ්වේ, පකිස්ථානය, චැඩ්, බංග්ලාදේශය, නයිජර් සහ තායිලන්තය යන රටවලට අයත් වේ.
එමෙන්ම ඔවුන් ප්‍රවාහනය කරනු ලැබුවේ සෞදි රාජධානියේ එක් නෞකාවක් මගින් බවත්, ඔවුන් ඔවුන්ගේ රටවලට පිටත්ව යාමට පහසුකම් සැලසීම සඳහා සූදානම් වීමේ දී විදේශීය පුරවැසියන්ට අවශ්‍යය සියලු පහසුකම් සැපයීමට සෞදි රාජධානිය උනන්දු වන බවත්, ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අනුව සුඩානයෙන් ඉවත් කිරීම ආරම්භය සිට අද දක්වා ඉවත් කරන ලද මුළු සංඛ්‍යාව පුද්ගලයන් 2,148 ක් පමණ වේ. සෞදි ජාතිකයන් 114 ක් සහ වෙනත් ජාතීන් 62 කට අයත් 2034 ක් වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *