”සූක්ෂ්මාත්මතාව හා නිර්මණශීලීත්වය සිද්ධි රංගය” මහවැලි කේන්ද්‍රයේදි අප්‍රේල් 27 වෙනිදා

නිර්මාණාත්මක සන්නිවේදනයට අන්තර්ගත සංකල්ප දෙකක් පිළිබඳ වූ මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ ගේය පද දහයක් ආශ්‍රිතව මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසින් සිදු කෙරුණු විවරණයක් සූක්ෂ්මාත්මතාව හා නිර්මාණශීලිත්වය නම් කෘතියක් ලෙස අප්‍රේල් 27 වැනි දින මහවැලි කේන්ද්‍රයේදි ප.ව. 3.30ට ජනගත වේ.

එම කෘතිය ජනගත වීමට සමගාමිව එහි අන්තර්ගතයට අදාල සිද්ධිරංගයක් ද රඟ දැක්වීමට නියමිත ය. සංගීතඥ නවරත්න ගමගේ සමග ලෙස්ලි තෝමස්, නිර්මාණි චතුරිකා, දුමිත් ගයාන්, දේශාන් විතානගේ හා රුමීලියා බෙනඩික්ට් ඒ සදහා සංගීතයෙන් දායක වේ. පූරක රවිඳු මහේන්ද්‍ර සමඟ සංජීවනි රූපසිංහ, ජයනි සරත්චන්ද්‍ර, සමාලි ධර්මදාස, නෙත්මා සමරවීර, නිමේෂ් නිරන්ජන් සමග ශාන් මදුරංග රංගනයෙන් දායක වෙති. සූක්ෂ්මාත්මතාව හා නිර්මාණශීලිත්වය සරසවි ප්‍රකාශනයකි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *