අද (25) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත යටතේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
කොළඹ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පොලිස් නීති අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න පැවසුවේ හිටපු හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ අත්අඩංගුවට ගෙන ඇති බැවින්, ඔහු පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ හැකි බවයි.
මේ අතර, 2019 පාස්කු ප්‍රහාර බෝම්බ ප්‍රහාරවලට අදාළ සාක්ෂි මත සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පැවසීය.