සුබසාධන ප්‍රතිලාභ ජූලි සිට ලැබෙන ලකුණු.

සුබසාධන ප්‍රතිලාභ පනතේ විධිවිධාන අනුව සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයක් පිළියෙල කර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය අද (18) පැවති කැබිනට් තීරණ දැම්දීමේ මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මෙලෙස හිමි වී ඇත.
ඒ සඳහා මාර්ගෝපදේශ ලබාගැනීම සඳහා තාක්ෂණික කමිටුවක් ජනාධිපති ලේකම්වරයා විසින් පත්කර ඇති බව සඳහන්ය.

ඒ අනුව දරිද්‍රතා පරතරය මත පදනම්ව සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු සමාජ කණ්ඩායම් සඳහා ද දැනට ප්‍රතිලාභ ලබන වෙනස් හැකියාවන් සහිත තැනැත්තන්, හඳුනානොගත් හේතූන් මත වූ වකුගඩු රෝගීන් සහ වැඩිහිටි තැනැත්තන් සඳහා ද සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්ක කිරීමට සැලසුම් කෙරෙයි.

ඒ අනුව, යෝජිත සුබසාධන ප්‍රතිලාභ ක්‍රමයන් 2023-07-01 දින සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා වැය වන මුළු වියදම වාර්ෂයකට රුපියල් බිලියන 206 පමණ වන බවට ගණනය කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *