සුඩාන හමුදාව නව සටන් විරාමයකට යයි

සුඩාන හමුදාව නව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි. ඒ, මීට පෙර අමෙරිකාවේ මැදිහත්වීමෙන් ප්‍රකාශයට පත් කෙරුණු පැය 24 ක සටන් විරාමය අසාර්ථක වූ පසුබිමකය.

සිවිල් වැසියන්ට ආරක්ෂිතව කාර්ටූම් අගනුවරින් ඉවත්වීම සඳහා මෙම සටන් විරාමය ප්‍රකාශයට පත් කෙරුණි.

හමුදාව සහ සුඩාන අතුරු හමුදාවේ යුද ගැටුම්වල මරමස්ථාන ලෙස යුද හමුදා මූලස්ථානය සහ ගුවන්තොටුපොළවල් හඳුනා ගෙන තිබේ.

දින 05 ක් පුරා පැවති ගැටුම් හේතුවෙන් මේ වනවිට සුඩානයේ පුද්ගලයින් 270 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 2,600 ක් පමණ තුවාල ලබා ඇතැයි සඳහන් ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *