සුඩානයේ සිටින ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පෝට් සුඩාන් නගරයේ ක්‍රියාත්මක සෞදි අරාබියානු රජයේ මෙහෙයුම් මැදිරිය වෙත වාර්තා කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පෙන්වා දෙන්නේ, සෞදි අරාබියානු රජය විසින් පෝට් සූඩාන් නගරය තුළ විශේෂ ආරක්ෂිත හෝටලයක එම මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක කර ඇති බවය.

සූඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට එම ස්ථානයට පැමිණ සූඩානයෙන් පිටවීම සඳහා අවස්ථාව සැලසීමට කටයුතු යොදා ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

මේ අතර සූඩානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 13දෙනෙකු ඉවත් කරගැනීමට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළ අතර එහි රැඳී සිටින සියලු ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව ඉවත් කරගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *