සුඩානයේ සටන් අඛණ්ඩව..

සුඩානයේ පැය 24ක සටන් විරාමය අසාර්ථක බව වාර්තා වේ.

හමුදා පාලනය යටතේ වූ සුඩානය පසුගිය දා සිවිල් රජයක් යටතට පත් කිරීම පිළිබඳව සලකා බැලීම හේතුවෙන් එරට අතුරු හමුදාවක් හමුදාවට එරෙහිව සටන් ආරම්භ කළේ ය.

ගැටුම්වලින් පීඩාවට පත් සිවිල් වැසියන් සඳහා සහන සැලසීමට සහ තුවාල ලැබූ පිරිස් රෝහල්ගත කිරීමට කල් ලබාදීමට ඊයේ (18) පැය 24ක සටන් විරාමයක් සඳහා දෙපාර්ශවය එකඟ විය තිබූ නමුත් සටන් විරාමය ප්‍රකාශයට පත් කර විනාඩි කිහිපයක් තුළදී නැවත සටන් ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *