අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලංකා ගල්අඟුරු සමාගමේ කාර්යාලය මුද්‍රා තබා ඇත .
2009 සිට ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අදාළව එම දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක්ද ආරම්භ කර ඇත . ඊට අදාලව මෙම මුද්‍රා තැබීම සිදුකර ඇතිබව විශ්වාස කෙරේ .