සීමානිර්ණ වාර්තාව අගමැති අතට

නව සීමානිර්ණ වාර්තාව, සීමානිර්ණ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය විසින් අද (11) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාරදී තිබේන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව අද යළි රැස් වීමට නියමිතව ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (11) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණි.

එහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබූ අතර මැතිවරණය පිළිබඳව අප්‍රේල් මස 25 වනදාට ප්‍රථම ප්‍රකාශයක් සිදුකරන බව ද මැතිවරණ කොමිසම එහිදී සඳහන් කර තිබුණි.

අද මැතිවරණ කොමිසම රැස්වී නැවත සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමුකිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *