සීගිරි ලලනාවන් බලන්න යන්න යුනේස්කෝවෙන් කෝටි 4ක්

සීගිරි සිතුවම් ගුහාව වෙත පිවිසීමට ඇති පියගැට පෙළ නවීකරණයට යුනේස්කෝ සංවිධානය රුපියල් කෝටි 4ක මුදලක් අනුමත කර තිබේ.

එම මුදල් ලබන මාසයේදී මෙරටට ලැබෙනු ඇති බවත්, දැනට අබලන් තත්වයේ පවතින පියගැට පෙල කඩිනමින් නවීකරණයට නියමිත බවත්, මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රකාශ කරයි.

මීට සමගාමීව සීගිරියේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ යටතේ සංචාරකයින් ගමන් ගන්නා ත්‍රිරෝද රථවල ගාස්තු නියාමනය හා සංචාරක මග පෙන්වන්නට නිශ්චිත ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ද කටයුතු කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රකාශ කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *