සිරකරුවන් ගැන අලුත්ම තීරණයක්

වරද කුමක් වුවත් බන්ධනාගාර ගතවූ පසු සිරකරුවන් රැකබලා ගැනීම රජය සතු වගකීමක් බව අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍ය ආචාර්යය විජයදාස රාජපක්ෂ පවසයි.

රජය මඟින් ලබාදෙනු ලබන පහසුකම්වලට අමතරව බන්ධනාගාර ගත රැඳවියන්ට අවශ්‍ය සුබසාධන පහසුකම් ලබාදෙයි. මේ වන විට මෙරට බන්ධනාගාර තුළ පුද්ගලයින් 26,000ක පමණ පිරිසක් රඳවා සිටියි.

1934 වර්ෂයෙන් පසුව පළමු වරට මානූෂීය ලෙස මෙරට බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති අතර මරණීය දණ්ඩණය ලබා බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමට බන්ධනාගාර තුළම ස්ථාන 06ක් ස්ථාපිත කර ඇති බව එහිදී ඔහු ප්‍රකාශ කළේය.

සුළු වැරදි කළ පුද්ගලයින් නිවාස අඩස්සියේ රඳවා තැබිය හැකි ද යන්න සොයා බැලීම සඳහා නීති සකස් කිරීමට කමිටුවක් මේ වන විටත් පත්කර ඇති බව ද අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *