සියලු ක්ත්‍ෂ්ත්‍රවල වෘත්තීය සමිති අද කොළඹදී ඒකාබද්ධ විරෝධතාවයක

සියලු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති ඒකාබද්ධව අද දහවල් කොළඹදී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබෙන බව වාර්තා වේ .

රජය විසින් ගෙන ඒමට සූදානම් වන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් මර්ධනය හා රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් එම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතය.

මේ අතර දීමනා ගැටළුවක් මුල් කර ගනිමින් අද දිනයේ කාර්යාල සේවා සහ පාරිභෝගික සේවා වලින් බැහැරවීමට ජාතික ජලසම්පාදන මණ්ඩලයේ වෘත්තීය සමිති තීරණය කර තිබෙන බව ද වාර්තා වේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *