සිමෙන්ති වල සෙස් බද්ද ඉහළට

ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද ඉහළ දැමූ බව ආයෝජනය ප්‍රවර්ධන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වල ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 5.00 සිට රුපියල් 8.00 දක්වා ඉහළ දැමීමට ඒ අනුව කටයුතු කර ඇත.

එමෙන්ම කිලෝග්‍රෑම් 50 ට වැඩි හෝ තොග වශයෙන් ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 3.00 සිට රුපියල් 5.00ක් දක්වා ද ඉහළදමා ඇති බව වාර්තාවේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *