දැනට ආනායනය කර ඇති තත්ත්වයෙන් බාල ගල් අඟුරු හේතුවෙන් මෙම වසරේ මැදභාගයේ විදුලිබල උත්පාදනයට බාධා විය හැකිබවත්. එමගින් විදුලි කප්පාදුවක් පවා ඇතිවිය හැකිබවත්, මහජන උපයෝගීතා කොමිසම පවසයි .
ඒ බව සඳහන් වන්නේ බාල ගල් අඟුරු තොග නිසා ඇතිවිය හැකි ප්රථිඵල සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවකය . එම වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවේ යටිතළ පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ඉදිරිපත්කරනා ලදි .
ට්රයිඩන්ට් චෙම්ෆාර් ලිමිටඩ් නම් ආයතනය සපයා අති ගල් අඟුරු තොග 9 ක් හේතුවෙන් ලක්විජය බලාගාරයේ ඇතිවී තිබෙනා ගැටළු සහ ඒ හේතුවෙන් ඇතිවිය හැකි මූල් සහ පාරිසරික බලපෑම වැනි කරුණු ගැන අවධානය යොමුකරමින් මහජන උපයෝගීතා කොමිසම මෙම වාර්තාව සකසා ඇත