සරත් ෆොන්සේකාට ස.ජ.බ සභාපතිකම නැතිවෙන ලකුණු.

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම තනතුරෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ ඉහළ නායකත්වයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පක්ෂ සභාපති ධූරයේ සිට සිදුකරනා ඇතැම් ප්‍රකාෂ නිසා පක්ෂය බරපතල අර්බුදයයන්ට මුහුන දෙන බව සාමාජිකයන් පෙන්වාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අන් සමාජිකයන්ට ක්‍රියාත්මක විනය නීතී ඔහුටද ක්‍රියාත්මක විය යුතු බව පක්ෂ සාමාජිකයාන් පෙන්වා දී ඇත. මේ වන විටත් වඩිවේල් සුරේෂ්, අරවින්ද කුමාර් සහ ඒ.එච්.එම් ෆවුසී යන මන්ත්‍රී වරුනට සහ හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායකකාරට එරෙහිව ක්‍රියාත්මක කර ඇති විනය නීති සහ සාමාජිකත්වය අත් හිටවීම් වැනි පියවක් සරත් ෆොන්සේකාට එරෙහිවද ගත යුතු බව ඕවුහු පෙන්වාදී තිබෙ.

කෙසේ වෙතත් පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පැවසූවේ ඒ පිළිබඳ තවමත් අවසාන තීරණයක් ගෙන නැති බවය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *