සමෘද්ධි බැංකු අද ලෙඩවෙයි

සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද (06) දින අසනීප නිවාඩු වාර්තා කරන බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහ සංගම් සහ කාර්යාල නිලධාරී සංගමය පවසයි.

සමෘද්ධි සේවක සංයුතිය සහ දීමනා ගැටලුවක් මුල් කරගනිමින් ඔවුන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව එම සංගමයේ සභාපති එන්.ඒ.එම්.අයි.බී.අබේසිංහ සඳහන් කළේය.

සිය වර්ජනය සඳහා තවත් සංගම් කිහිපයක් ද සහය දැක්වීමට කැමැත්ත පළ කර ඇති බව එන්.ඒ.එම්.අයි.බී.අබේසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *