සමලිංගික විවාහයක් ඉල්ලා ඉන්දියානු යුවලක් නඩු කියයි

සමලිංගික විවාහයකට අවසර ඉල්ලා ඉන්දියානු යුවළක් නඩුවක් ගොනුකර තිබේ. එම නඩුවේ තීන්දුව පිළිබඳ ජාත්‍යන්තරයේ අවධානය යොමුවී තිබේ.

ආදිති ආනන්ද් සහ සුසෑන් ඩයස් යන දෙදෙනා මෙම නඩුව පවරා තිබෙන අතර විචාරකයින් පවසන්නේ බොහෝ විට මේ සඳහා සුබවාදී නඩු තීන්දුවක් ලැබෙනු ඇති බවයි.

සමලිංගිකයින් ලෙස විවාහ වීමට නීත්‍යානුකූල අයිතිය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ පළමු ඉන්දියානු කණ්ඩායමට ආනන්ද් සහ සුසෑන් අයත් වේ.

සමලිංගික විවාහ සදහා ඇතැම් බටහිර රටවල් හැරුණු කොට ආසියානු කලාපයේ අවසර හිමි වී ඇත්තේ තායිවානයේ පමණයි.

කෙසේ වෙතත් සිංගප්පූරුව සහ හොංකොං වැනි ආසියානු මූල්‍ය කේන්ද්‍රස්ථාන සමලිංගික විවාහ නීතිගත කිරීමේ ඉල්ලීම්වලට විරුද්ධ වීම ඉන්දියාවට යම් බලපෑමක් විය හැකි බවට ද මත පළ වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති මෙම නඩුව මගින් පැමිණිලිකරුවන්ට සුබවාදී තීරණයක් ලැබුණහොත් එය බිලියන 1.4ක ඉන්දියානුවන් සඳහා උරුමය, දරුකමට හදා ගැනීම සහ අනෙකුත් ආරක්ෂාව තහවුරු කරනු ඇති බවට විශ්වාසය පළ වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *