සඳුදා සිට පොලිස්පති කෙනෙක් නෑ

පොලිස්පති සී.ඩී.වික්‍රමතුංගට ලබාදී ඇති තුන් මසක සේවා දිගුව හෙට (25/02/2023) දිනයෙන් නිම වීමට නියමව ඇත.

එහෙත් නව පොලිස්පති වරයෙක් පත්කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයා විසින් තවමත් නමක් යොජනා කර නැති බව වාර්තා වෙයි.

පසුගිය 22 වනදා ආණ්ඩුක්‍රම ව්‍යවස්තාදායක සභාව අවසන් වරට රැස්වී තිබුන මුත් එම අවස්ථාවේදී පොලිස්පති ධූරය පිළිබඳව කිසිඳු තීරණයක් ගෙන තිබුනේ නැත. මීළඟ පොලිස්පති වීම සඳහා ජ්‍යෙෂ්‍ට නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන සහ දේශබන්ධූ තෙන්නකෝන් අතර දැඩි තරගයක් ඇතිව තිබෙනා බව වාර්තා වේ. බොහෝ විට වත්මන් පොලිස්පතිවරයාට තවත් සේවා දිගුවක් ජනාධිපති වරයා විසින් තවත් සේවා දිගුවක් ලබාදීමට ඉඩ ඇතිබව වාර්තා වෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *