සජබ පැරදී ‘ජවිපෙ දිනුවත්’ රනිල් කැමතියි

රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගය පරදිනවා දැකීමට කැමති බවත් ඔහු පක්ෂ කඩන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා.

අද (24) පැවතී මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ සමගි ජන බලවේගය පැරදී ජනතා විමුක්ති පෙරමුණ ජය ගත්තද ඔහු ඊට කැමැත්තෙන් පසුවන බවයි.

එජාපය එක් අසුනකට සිමා කිරීමේ ලැජ්ජාව නිසා මෙලෙස ඔහු කටයුතු කරනවා ද යන සැකය ද ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කියා සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ මුහුණදී ඇත්තේ ද එවන් ඉරණමකට බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!