ෂෙහාන් සේමසිංහ වොෂින්ටන් යයි

හෙට (10) වොෂින්ටන් හිදී පැවැත්වීමට නියමිත 2023 Spring Meeting සඳහා සහභාගි වීමට ෂෙහාන් සේරසිංහ වෙෂින්ටන් බලා ගොස් ඇති බව වාර්තා වේ.

ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර ණය තිරසාරභාවය සහතික කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ලබා ඇති ප්‍රගතිය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සහයෝගීතාව වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා මෙම අවස්ථාව කදිම අවස්ථාවක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග හෙට පැවැත්වීමට නියමිත Spring Meeting සඳහා රාජ්‍ය අමාත්‍යවරයා, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාර ලේකම් මහින්ද සිරිවර්ධන ද එක්වීමට නියමිතය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *