ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතය සුබාෂ්කරන් අලිරාජාට විකුණන්නට යයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටුකරන්නට ලාභ ලබනා රාජ්‍ය ව්‍යවසාය විකිණීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනා බවත්. ඒ යටතේ මෙ වනවිටත් සාර්ථකව පවත්වාගෙන යන
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සුබාෂ්කරන් අලිරාජා නම් ව්‍යාපාරිකයාට විකීණීමේ සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

ලාභ ලබනා ආයතන විකුණා දමමින් පාඩු ලබනා ආයතන ඒ විදිහටම පවත්වාගෙන යන්නේ ඇයිද යන්න ගැටළුවක් බව මන්ත්‍රීවරයා පැවසීය. මේ අතර විදුලි සංදේශ සේවක සංගමය සඳහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම ලබාගැනීම සම්බන්ධයෙන් ඉන්දීය සමාගම් දෙකක් වන ආදානි හා ලයිකා මොබයිල් සාකච්ඡා පවත්වා ඇති බවය.

බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වන අලිරාජා ලයිකා මොබයිල් සමාගමේ නිර්මතෘ වන අතර දෙමළ ඩයස්පෝරාවට ආධාර කළ ධනවතෙක් ලෙසද ප්‍රකටය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *