ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක්

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී මන්දගාමී පන්දුයැවීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ මුදලක් පනවා තිබේ.

එහිදී මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පනවා ඇත්තේ තරග මුදලින් සියයට 20ක දඩ මුදලකි.

එමෙන්ම චෝදනාවට අදාළ වරද ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් පිළිගැනීම හේතුවෙන් විනිසුරුවරුන් විසින් සිදුකර ඇති එම චෝදනාවට අදාළ පරීක්ෂණයක් සිදුනොකරන බවද ICCය සඳහන් කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *