ශ්‍රී ලංකන් ණය ඩොලර් කෝටි 100 පන්නයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් කෝටි 100 ක අධික ණය බරක ගිලී සිටින බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි 17ක් බවත් ලීසිං වාරිකය පමණක් ඇමරිකානු ඩොලර් කෝටි අටක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ බැංකුවලට ඇමරිකානු ඩොලර් කෝටි අසූවක පමණ ණයක් ගෙවීමට ඇති බවද ඔහු කීවේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *