කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ සේවය වහාම ක්‍රියාත්මක වනපරිදි අත්හිටුවා ඇත .
වගකිව යුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් මෙලෙස ඔහුගේ සේවය අත්හිටුවා ඇති බව ඊට අදාලව නිකුත්කර ඇති ලිපියේ දැක්වෙයි.
ඒ අනුව ඔහු විසින් සිදු කරන ලද උක්ත විෂමාචාර ක්‍රියාව හේතුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ ලේකම්ගේ අංක HSC/DIS/070/2025 හා 2025.12.17 දිනැති ලිපියේ නියමය පරිදි ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩයේ XLVIII වන පරිච්ඡේදයේ 31:1:15 වගන්තිය අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ රාජකාරි වැඩ තහනම් කර ඇත.

