වෛද්‍ය රසායනාගාරයක් තුළ වෙඩිතැබීමක්

කොට්ටාව, ධර්මපාල විද්‍යාලය අසල දී අද (21) වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.

උදෑසන 8.00 පමණ එම විද්‍යාල අසල පිහිටා ඇති වෛද්‍ය රසායනාගාරයක් තුළදී එම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් ටී 56 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් එම වෙඩි තැබීම සිදුකර තිබේ.

මියගොස් ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසුවේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *