වෙළෙඳසැල් 3,000කට වැඩි සංඛ්‍යාවකට නඩු

උත්සව සමයේ දිවයින පුරා ක්‍රියාත්මක ආහාර පරිහර‍ණ වෙළෙඳසැල් පරීක්ෂා කිරීම වලදී ආහාර පනත උල්ලංඝනය කළ වෙළෙඳසැල් 3,000කට වැඩි සංඛ්‍යාවකට නඩු පැවරීමට කටයුතු කර ඇති බවත් පසුගිය මාර්තු මස 02 වන සතියේ සිට ආරම්භ කළ එම පරික්ෂා කිරීම් අප්‍රේල් මාසය අවසන් වන තුරු අඛණ්ඩව සිදුකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු මහජන පැමිණිලි සඳහා ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කළේය.
“උත්සව සමය වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ආහාර, එමෙන්ම එම ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය, ඒ වගේම අලුත් අවුරුදු සමය වෙනුවෙන් වැඩි අලෙවියක් තියෙන කෙසෙල් වැනි පලතුරු වර්ග ගැන, ඒ වගේම ජනතාව වැඩි වශයෙන් එක්රොක් වෙන නගර ආශ්‍රිත ආහාර පරිහරණ ආයතන ගැන විශේෂ අවධානය යොමු කරලා පරීක්ෂණ කටයුතු සිදුකරනවා. අප්‍රේල් මාසේ 10 වනදා වන විට දිවයින පුරා 19,107ක් අපි පරීක්ෂා කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ අතරින් 3,102 ක් ආහාර පනත උල්ලංඝනය කිරීම නිසා මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු පවරලා තියෙනවා. මහජනතාවට අපි කියන්නේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ දී විශේෂ සැලකිල්ලක් දක්වන්න කියලා අපි කියනවා. පැමිණිල්ලක් තියෙනවා නම් 0112 63 56 75 දුරකථන අංකයට දැනුම් දුන්නොත් අපි අවශ්‍ය සේවාව කඩනමින් සම්බන්ධ කරලා දෙන්න කටයුතු කරයි.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *