වෘත්තීය සමිති ව්‍යාපාර ගුරු වෘතිය සඳහා අවශ්‍යද නැද්ද යන්න සොයා බැලීම සඳහා වෙනමම කොමිෂන් සභාවක් පත් කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කරයි.
ගුරු මනස වෘත්තීය සමිති මනසක් වන විට පාසල් දරුවන්ගේ මනස විකෘති වීමට ඉඩ ඇතැයි ද පැවසූ ඔහු ඒ අනුව රටේ සියලු දරුවන්ගේ යහපත වෙනුවෙන් වෙනම කොමිෂන් සභාවක් මේ වෙනුවෙන් පත් කිරීමේ අවශ්‍යතාවය නිර්මාණය වී ඇතැයිද පැවසීය.