බදු පනතට එරෙහිව අද විරෝධතා රැසක්

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අද (13) දිවයිනේ රෝහල් රැසක වැඩවර්ජනයක් ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාතික ඉහළ දැමීම, විදුලි බිල වැඩි කිරීම, රාජ්‍ය සේවක ගැටලු මූලික කරගෙන මෙම වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

පසුගිය සතිය තුළ ක්‍රියාත්මක වූ වර්ජන සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක් නොවීය. අද සිට ඔවුන් විරෝධතා සඳහා එක්වීමට නියමිතය.

ඒ අනුව බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල සියලුම රෝහල් ආශ්‍රීතව අද උදෑසන 08 සිට මෙම වර්ජන ක්‍රියාත්මක වේ.

සමස්ත ලංකා හෙද සංගමය, ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය, සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුව, ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව ඇතුලු පාර්ශ්ව රැසක් ද මෙම සතිය තුළ විරෝධතා සහ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹීමට නියමිතව තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *