“එදා වීසා දීලා තියෙන්නේ ඉන්දියානුවන් නෙමෙයි” – ඇමති අලස්ගෙන් හෙළිදරව්වක්

On Arrival වීසා ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සහභාගීත්වයෙන් අද (06) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තුවේ දී විවාදයකින් තොරව ඒකමතිකව පසුගිය නොවැම්බර් 23 වන දින සම්මත වූ බවය.

වීසා ගාස්තු පිළිබඳවත් එම සම්මත කරගත් යෝජනාවලට අයත් වූ බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

ETA ක්‍රමවේදයේ තිබූ දෝෂ හේතුවෙන් මෙම ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

මීට දින කිහිපයකට පෙර කටුනායක ගුවන්තොටුපලේ දී ඇති වූ උණුසුම්කාරී තත්ත්වය පිළිබදව ද අමාත්‍ය ටිරාන් අලස් මහතා මාධ්‍ය හමුවේ දී කරුණු පැහැදිලි කළා.

“රට යන අය සියලුදෙනා දන්නවා VFS කියන්නේ මොකද්ද කියලා. එම ආයතනයේ සේවාව එක්ක තරග කරන්න කවුරුත් නෑ. ලෝකේ නම්බර් වන් එයාලා. එක චෝදනාවක් තිබුණා ඒක ඉන්දියානු කම්පැනියක් කියලා. ඉන්දියන්කාරයෝ ඇවිත් එයාර්පෝට් එකේ වාඩිවෙලා ඉන්නවා කියලා. මම ඒක හොයලා බැලුවා. VFS එක ඉන්දියානු කම්පැනියක් නෙමෙයි. black stone තමයි මේජර් ෂෙයාහෝල්ඩර්. VFS එකෙන් නිවේදනයක් අද නිකුත් කරයි එයාලා කවුද සහ ලංකාවේ කරන්න යන්නේ මොකද්ද කියලා. මැයි 1 දා තමයි මේ ප්‍රශ්නය පටන් ගත්තේ. අර කෑ ගහපු එක්කෙනා කියනවා මේ ඉන්දියන්කාරයෝ කියලා. එදා කවුන්ටර්වල හිටියේ ඉන්දියන් අය නෙමෙයි ශ්‍රී ලාංකිකයින්. මගේ ළඟ නම් ලැයිස්තුව තියෙනවා. 13 දෙනෙක් ලංකාවේ අය. අනික VFS එකට වීසා නිකුත් කරන්නත් බෑ. රිජෙක්ට් කරන්නත් බෑ. ආගමන විගමන කාර්යාලයෙන් තමා ඒක කරන්නේ. VFS එක කරන්නේ ඩොකියුමන්ට් චෙක් කරන එක විතරයි.”

”ඩොලර් 75 එක ගැන විතරයි ඔය කතාව ගියේ. ඩොලර් 75 කියන්නේ මාස 6ක වීසා එකක්. double entry Visa එකක්. හැබැයි එතැනදි පොඩි අතපසුවීමක් අපේ පැත්තෙන් වුණා. අපි දවස් 30 වීසා එක ඩොලර් 50ට තිබුණා. අපි මේක පාස් කරපු වෙලාවේ ඒක සිස්ටම් එකට දාන්න බැරි වුණා. ආපහු පාර්ලිමේන්තුවට යන්න වුණා ඒ නිසා. අපිට ගැසට් එකක් ගහන්න බෑ පාර්ලිමේන්තුවට යන්නේ නැතුව. මම රට යන්න කලින් රෙසිඩන්ට් වීසා එකක් එක්ක 50 එක පාස් කරලා ගියේ. ඒක සිස්ටම් එකට වැටෙනවා හෙට ඉඳලා. single entry visa එක දවස් 30ක ඩොලර් 50යි.

VFS සම්බන්ධයෙන් අපිට යෝජනාවක් එවලා තිබුණා. රට යන අය සියලුදෙනා දන්නවා VFS කියන්නේ මොකද්ද කියලා. රජයන් 67 රටවල් 151ක මධ්‍යස්ථාන 3,300ක විතර පාවිච්චි කරන කම්පැනි එකක්. ඒ සේවාව එක්ක තරග කරන්න කවුරුත් නෑ. ලෝකේ නම්බර් වන් එයාලා. ලෝකයේ හැම රටම පාවිච්චි කරන්නේ VFS. එක චෝදනාවක් තිබුණා ඉන්දියානු කම්පැනියක්. ඉන්දියන්කාරයෝ ඇවිත් අතන වාඩිවෙලා ඉන්නවා කියලා. මම ඒක හොයලා බැලුවා. VFS එක ඉන්දියානු කම්පැනියක් නෙමෙයි. black stone තමයි මේජර් ෂෙයාහෝල්ඩර්. VFS එකෙන් නිවේදනයක් අද නිකුත් කරයි එයාලා කවුද සහ ලංකාවේ කරන්න යන්නේ මොකද්ද කියලා. මැයි 1 ප්‍රශ්නය පටන් ගත්තේ. එදා කවුන්ටර්වල හිටියේ ඉන්දියන් අය නෙමෙයි ලාංකිකයින්. මගේ ළඟ නම් ලැයිස්තුව තියෙනවා. 13 දෙනෙක් ලංකාවේ අය. අර කෑ ගහපු එක්කෙනා කියනවා මේ ඉන්දියන්කාරයෝ කියලා. අනික VFS එකට වීසා නිකුත් කරන්නත් බෑ. රිජෙක්ට් කරන්නත් බෑ. ආගමන විගමන කාර්යාලයෙන් තමා ඒක කරන්නේ. VFS එක කරන්නේ ඩොකියුමන්ට් චෙක් කරන එක විතරයි.” සඳහන් කළා.

වැඩිදුර විස්තර මෙතැනින් බලන්න

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!