විශේෂ කැබිනට් රැස්වීමක් අද

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සදහා විශේෂ කැබිනට් රැස්වීමක් අද (28) පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය අතර ලබන සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී ඒ සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන බව ද වාර්තා වේ.

එමෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතිය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *