විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිගේ ලිපියකට විරෝධය .

විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන් සහ අශ බාර ප්‍රධනීන් පත්කිරීමේ ඡන්ද සඳහා අනෙක් අංශවල ආචාර්ය සහ මහාචාර්යවරුනට සම්බන්ධවිය හැකි පනතක් පාර්ලිමේන්තුවේ සම්මත වී නැති බැවින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාවේ සභාපතිවරයා විශ්වවිද්‍යාලවලට යවූ ලිපිය තම සංගමය ප්‍රතික්ෂේප කරනා බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ පවසනුයේ එම පත්කිරීම් වලට අදාල නිළවරණ සියල්ල මේ වන විට තාවකාලිකව නතර කර ඇති බවය .

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්නගෙ අත්සනි එවූ ලිපිය ගැටළු සහගත බවත් දෙසැම්බාර් 19 වන දින ඒ සම්බන්ධයෙන් අගමැතිණී ආචාර්ය හරිනී අමරසූරිය සමග සාකච්චා කරනා බවත් ඔහු පවසයි.