විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ කාලය කනවා. නාමල් කියයි .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාට්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය ප්‍රශ්ණ සහගත බවත්, ඔහු පාර්ලිමේන්තුවේ කාලය කා දමනා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

විපක්ෂ නායකයාගේ මෙම හැසිරීම නිසා පාර්ලිමේන්තුවේ සභාවාරය සජීවී විකාශන කටයුතු තාවකාලිකව හෝ නැවැත්විය යුතු බව ඔහු පැවසීය.

සති දෙකක පාර්ලිමේන්තු තහනමකට ලක්ව සිටින සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ සිදුවීමේ දී ද වැරැද්ද කරන ලද්දේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදස බවත්, විපක්‍ෂ නායකවරයා විසින් පාර්ලිමේන්තුවේ කාලය වැඩි වශයෙන් යොදා ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!