”විනිසුරුවරුනට අත නොතබනු” නීතීඥයෝ අළුත්කඩේ විරෝධතාවයක

”අධිකරණයට අත නොතබනු” යන මැයෙන් නීතීඥවරු අද දිනයේදී අලුත්කඩේ උසාවිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේම්නාත් සී දොළවත්ත විසින් පාර්ලිමේන්තුවේදි පසුගියදා විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවිය යුතු බවට කළ ප්‍රකාශය සහ ඒ සම්බන්ධව රජයේ ප්‍රතිචාරයන්ට එරෙහිව මෙම විරෝධතාව දැක්විනි. ඊට නීතීඥවරු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *