විදේශ සේවා නියුක්ති කාර්යාංශය වසර ගනනකට පසු අලුත් වෙයි

1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැරණි පනතට සංශෝධන හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පනතට සංශෝධන සිදු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.

ඒ අනුව, නීතිවිරෝධී ලෙස විදේශ රැකියා ව්‍යාපාරයට ඇතුළු වී ඇති පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට, උප නියෝජිතයන් මඟින් විදේශ රැකියා සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය නියාමනය කිරීමට සහ විදේශ රැකියා ක්ෂේත්‍රය හා විගමනික ශ්‍රමිකයන් අනතුරට පත් කෙරෙන මහා පරිමාණ අක්‍රමිකතා හා දූෂණ අවම කිරීමට හැකි වන පරිදි නව විධිවිධාන හඳුන්වා දීමට යෝජිත සංශෝධන මඟින් අපේක්ෂා කරනු ලබයි.

ඒ අනුව, 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පනත සංශෝධනය කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *