විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුදු අත්දැකීම් ලබාදුන් “New Year in Paradise 2023” අවුරුදු උත්සවයේ අවුරුදු කුමරාට සහ කුමරියට සිංගප්පූරුවට ගුවන් ටිකට්පත්

විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුදු අත්දැකීම් ලබාදීම සදහා සංවිධානය කර තිබූ “New Year in Paradise 2023” අලුත් අවුරුදු උත්සවයේ අවුරුදු කුමරා සහ කුමරියට සිංගප්පූරුවට යාමට සහ ඒමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ගුවන් ටිකට්පත් දෙකක් ප්‍රදානය කළේය.

මෙරට සංචාරය කරන විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුද්ද හා බැදුණ දේශීය සංස්කෘතික අංගයන්හි අත්දැකීම් ලබාදෙමින් “New Year in Paradise 2023” කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් උණවටුන මුහුදු තීරයේදී ඊයේ පැවැත්විණි. අලුත් අවුරුද්ද හා බැදුන ජන ක්‍රීඩා සහ සංස්කෘතිකාංග රැසක් ඇතුළත්ව තිබූ අලුත් අවුරුදු උත්සවයට විදේශීය සංචාරකයෝ දැඩි උන්දුවකින් සහභාගී වී සිටියහ.

විදේශිකයින් සදහා කණා මුට්ටිය බිදීම, අලියාට ඇස තැබීම, කඹ ඇදීම, බනිස් කෑම, වැනි අලුත් අවුරුදු ක්‍රීඩා සංවිධානය කර තිබූ අතර එම තරග සදහා විදේශිකයින් දැඩි උනන්දුවකින් සහභාගී වී සිටියහ.

අලුත් අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගය සදහා විදේශීය සංචාරකයින් දැඩි උනන්දුවකින් සහභාගී වී සිටි අතර අලුත් අවුරුදු කුමරාට සහ කුමරියට සිංප්පූරුවට යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් ප්‍රදානය කරනු ලැබීය. මීට අමතරව දේශීය ඇදුමින් සැරසී තරගයට ඉදිරිපත්වූ තරගකරුවන්ට විශේෂ ඇගයීම් ත්‍යාගද ප්‍රදානය කළේය.

අලුත් අවුරුදු උත්සවය අවසානයේදී විදේශීය සංචාරකයින් වෙනුවෙන් විශේෂ සංගීත ප්‍රසංගයක්ද සංවිධානය කර තිබුණි .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *