විදුලි බල ඇමති වෘතීය සමිති නියෝජිතයන් හමුවේ.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් විදුලි වෘත්තීය සමිති නියෝජිතයින් දැනුවත් කර ඇති බව වාර්තා වේ.

විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධ වෘත්තීය සමිති 31ක නියෝජිතයින් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී ඇති අතර ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ඔවුන් විසින් ද මෙහිදී යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රතිසංස්කරණ ව්‍යුහය සකස් කිරීමට අදාළව ඉදිරි කටයුතු වලදී එම යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සුදානම් බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *