පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙතෙක් විදුලි කප්පාදුවක් සිදු කර නොමැති වුවද, ඉදිරියේදී යම් කාලසීමාවක් සඳහා විදුලිය විසන්ධි කිරීමට සිදුවිය හැකි බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අද (17) පාර්ලිමේන්තුවේදී පැවසීය .
ස්ථාවර නියෝග 27 (2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය .
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. “තාම එක පැයක් විදුලිය කපන්නේ නැතුව අපි ගෙනියනවා, හැබැයි කපන්න වෙන වෙලාවකුත් තියෙන්න පුළුවන්”