විදුලිබල මණ්ඩළය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගැසට්ටුව නිකුත් වෙයි .

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදීම සඳහා අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනය බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් නිකුත් කර ඇත .

එම ගැසට් නිවේදනය මාර්තු 09 වන සඳුදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති අතර ගැසට් පත්‍රයට අනුව, විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීමට හැකියාව ලැබේ .

ඒ අනුව, 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ (නිශ්චිත වගන්ති කිහිපයක් හැර) සෙසු ප්‍රතිපාදන 2026 මාර්තු 9 වන දින සිට බලාත්මක වන අතර, එමඟින් ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවෙයි .