වැඩිම බස් සබරගමුවෙන්

මැයි දිනයට සහභාගි වීම සඳහා ලංගම බස් රථ 685 ක් මුදල් ගෙවා ලබාගෙන ඇතැයි වාර්තා වනවා.

එම නියෝජිතයන් විසින් බස් රථ 1500 ක් මුලින් ඉල්ලා සිටි බවද එම වාර්තා මගින් කියවුණා.

ජාතික ජන බලවේගය, ලංකා කම්කරු කොංග්‍රසය , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය , සමගි ජන බලවේගය හා කඳුරට ජනතා පක්ෂයේ නියෝජිතයෙන් විසින් එම බස් රථ ලබාගෙන තිබුණා.

උතුරු නැගෙනහිර හැරෙන්නට අනෙකුත් ප්‍රාදේශිකවලින් මෙම බස් රථ සපයා ඇති අතර වැඩිම බස් රථ ප්‍රමාණය වන බස් 148 ක් සබරගමුව ප්‍රාදේශිකය මගින් සපයා තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!