වසර 72කට පසු රිටි පැනීමෙන් ජාත්‍යන්තර පදක්කමක්

උස්බෙකිස්තානයේ පැවැත්වූ ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී වයස අවුරුදු 18න් පහළ පිරිමි රිටි පැනීම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමි වී තිබේ.

ශ්‍රී ලංකාවට මෙලෙස ආසියානු තරගාවලියකදී රිටි පැනීමේ ඉසව්වෙන් පදක්කමක් හිමි වන්නේ වසර 72කට පසුව වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එය දිනා ගත්තේ තුෂේන් සිල්වා මාරිස්ටෙලා විද්‍යාලයේ සිසුවෙක් වන කනිෂ්ඨ මලල ක්‍රීඩක තුෂේන් සිල්වායි. ඒ, මීටර් 4යි දශම 7යි 0ක දක්ෂතාවයක් පෙන්වමින් ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *