වසරකට ක්ෂය රෝගීන් 10,000 ක්

වසරකට ක්ෂය රෝගීන් 10,000 ක් පමණ මෙරටින් වාර්තා වන බව විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර විසින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ක්ෂය රෝගය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනට එක් වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්විමින් ඒ මහතා සදහන් කළේ “ක්ෂය රෝගය වාතය මගින් බෝවන රෝගයක් වන බැවින් ප්‍රතිකාර නොගෙන සමාජයේ සිටින පෙනහළු ආශ්‍රිත ක්ෂය රෝගය ඇති රෝගීන් මගින් මෙම රෝගය නිරෝගී පුද්ගලයන්ට බෝවීමේ ඉඩකඩ පවතින බවයි.

එවැනි රෝගීන් කහින විට කිවිසුම්හරින විට මෙන්ම සිනාසෙන හා කතාකතා කරන විට ද විෂ බීජ සහිත සෙම බිඳිති වාතයට‍ එකතු වෙයි. මෙම විෂ බීජ ආශ්වාස කිරීමෙන් රෝගය ආසාදනය වෙයි.” යනුවෙන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සති දෙකකට වඩා පවතින කැස්ස, රාත්‍රි කාලයේ ඇතිවන මද උණ, ශරීරයේ බර අඩු වීම, රාත්‍රි කාලයේ අධික ලෙස දහදිය දැමීම, කෑම අරුචිය හා සෙම සමඟ රුධිරය පිටවීම ක්ෂය රෝගයේ ප්‍රධානම ලක්ෂණයි. මෙම රෝග ලක්ෂණ එකක් හෝ වැඩි ගණනක් ඇත්නම් හැකි ඉක්මණින් ළඟ ම පිහිටි ළය රෝග සායනයට හෝ සෙම් පටල පරීක්ෂණාගාරයට පැමිණ නොමිලේ සෙම් පටල පරීක්ෂාවන් සිදු කර ගන්නා ලෙස ක්ෂය රෝග මර්දන ව්‍යාපාරයේ වෛද්‍යවරු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *