”වරාය පාලන අධිකාරිය පොරොන්දු කැඩුවා” වෘතීය සමිති චොදනා කරයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ලාභයෙන් 10%ක් වරාය සේවකයන් වෙත ලබාදීමට වරාය පාලනාධිකාරිය ලබාදුන් පොරොන්දු මේ දක්වා ඉටු කිරීමට වරාය පාලනාධිකාරිය කටයුතු කර නොමැති බව වරාය වෘත්තීය සමිති එකමුතුව පවසයි .

එම වෘත්තීය සමිති සඳහන් කරන්නේ වරාය අධිකාරියේ 2022 වසරේ ලාභය රුපියල් බිලියන 57ක් බවත් ඉන් බිලියනයක් මහා භාණ්ඩාගාරයට යවා ඇති බවත්ය. ඉන් රුපියල් බිලියන 13.7ක් විවිධ ගෙවීම් ගෙවා ඇති අතර එම වසරේ දී බිලියන 22ක ශුද්ධ ලාභයක් වරාය අධිකාරිය ලබා ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

තවද මෙම තත්ත්වයක් හමුවේ රුපියල් 50000ක දීමනාවක් වරාය සේවකයෙක් වෙනුවෙන් ලබාදීමට වරාය පාලනාධිකාරිය පොරොන්දු වුවද තවමත් එම මුදල ගෙවීමට කටයුතු කර නොමැති බවයි එම වෘත්තීය සමිති සඳහන් කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *