වයඹ පළාතේ පොලිස් ලොක්කන්ට මාරු

වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පුත්තලම නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, ආණමඩුව පොලිස් අධිකාරි හා ආණමඩුව පොලිස්ථානාධිපති ඇතුළු පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා පොලිස් කේෂත්‍ර බළකා මුලස්ථානයට මාරු විම ලබා දී ඇති බව වාර්තා වේ.

අදාල හදිසි මාරුව පොලිස්පතිවරයා විසින් ඊයේ( 28 )දින රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරමින් අදාල නියෝගය නිකුත් කර තිබේ.

මේ ආකාරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුලු ඉහළ නිළධාරින් පිරිසකට එකවර වහාම ක්‍රියාත්මක වන ආකාරයට මාරු විම ලැබු පළමු අවස්ථාව මෙය බවද වාර්තා වේ.

කෙසේ නමුත් මෙම මාරු විම සදහා මුලවී ඇත්තේ පසුගිය 22 දි නවගත්තේගම පොලිස්ථානයෙ පොලිස් කොස්තාපල්වරයකුට ආණමඩුව ආලංකුලම ප්‍රදේශයෙදි පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් පිරිසක විසින් පහර දිමේ සිද්දිය සමතයකට පත් නොකර අධිකරණය දක්වා යාමේ සිද්දිය මුල් කරගනිමින් බව පොලිස් ආරංචි මාර්ගවලින් පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *