වතු කම්කරු ඉල්ලීම් ජයගනී – ජනපති වැටුප රු.1700 දක්වා වැඩිකරයි

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහත දමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සඳහන් කළා.

අදට යෙදී තිබෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැස්වීම අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා

ඒ කොටගල නගර සභා ක්‍රීඩාංගනයේදී

මේ සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර,ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහභාගී වුණා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙලෙස අදහස් දැක්වූවා.

”කම්කරු කොංග්‍රසය මේ රැළිය පවත්වන්නේ අවුරුදු 4කට පස්සේ.2019දී අන්තිමට පැවැත්වුණේ ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

මේ කාල සීමාව අතරේ අපේ රටේ කොවිඩ් තිබුණා ,කොවිඩ් එකෙන් පස්සේ ආර්ථිකය කඩා වැටුණා.අපිට වගාකරන්න පොහොර තිබුණේ නෑ,ඊටපස්සේ අරගලය ආවා ,අරගලය නිසා ලංකාවේ තේ පිටරට යවන්න බැරි වුණා.අරගලයෙන් බැලුවා පාර්ලිමේන්තුව අල්ලන්න එක අසාර්ථක වෙලා මම මේ රටේ ආණ්ඩුව බාරගත්තා

මාව ජනාධිපති කරන්න මේ මන්ත්‍රීතුමන්ලා දෙන්නම ඡන්දේ දුන්නා කියලා මං කියන්න කැමතියි.මට ආණ්ඩුවක් හදන්න වුණා ,තනියම රටක් ගෙනියන්න බැහැනේ ,ඒකට ජීවන් තොණ්ඩමන් මැතිතුමා ආවා ඇමති විදිහට 2022 ඉදන් අද වෙනකන් මේ වැඩකටයුතු මට කරන්න පුළුවන් වුනේ මේ ඇමති මණ්ඩලයෙන් මට දුන්න සහයෝගය නිසා

මේ කාලයේ වැඩියෙන්ම දුක් වින්දේ වතු කරයේ ජනතාව. ආර්ථිකය හදන්න දුක් විද විද හරි අපිට තේ ලබාදුන්නා. ඒ තේ අපි පිට රට යැව්වා. එකෙන් විදේශ විනිමය ලැබුණා. 2023 දී 2024 දී විදේශ විනිමය ලැබුණා. මම ජනාධිපතිවරයා ලෙස ඒකට ඔබට ස්තුතිවන්ත වෙනවා.

මේ ර්ටේ ආර්ථිකය දියුණු කළේ ඔබේ දහඩිය මහන්සියෙන්. කාටවත් 2022 කාලයට යන්න ඕන නෑ. දැන් යම් ස්ථාරයක් ඇතිකරලා තියෙනවා. රුපියල ශක්තිමත් කරලා තියෙනවා. හැමෝටම හොද ජීවනයක් ලබාදීමට අපිට අවශ්‍යයි. දුක් වින්ද ජනතාව වෙනුවෙන් රජයේ සේවකයින්ගේ වැටුප 10,000කින් වැඩි කළා. අස්වැසුම ලබාදුන්නා. හාල් බෙදලා දුන්නා. පුද්ගලික අංශයෙනුත් වැටුප් වැඩි කළා. සංචාරකයින් පැමිණි නිසා සංචාරක ව්‍යාපායෙන් ලැබෙන ආදායම වැඩි වුනා.

ඊයේ රෑ මනුෂ නානයක්කාර මැතිතුමා වතුකරයේ ජනතාවගේ ආදායම වැඩි කරන තීරණය ගත්තා. වතුකරයේ ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවූවා”

https://fb.watch/rND7SFnGRu/

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!