වතුකම්කරුවන්ගේ සිහින සැබෑ කළ ඇමති මනුෂගේ ගැසට්ටුව මෙන්න

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ දැමීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊයේ (30) පියවර ගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුලු මොහොතකට පෙර කියා සිටියා.

ඒ අදට යෙදී තිබෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැස්වීම අමතමින්.

ඊට අදාළ ගැසට් නිවේදනය කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ ජයසුන්දර මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තේ වැවීමේ සහ සැදීමේ කර්මාන්තයේ නියුක්ත සියලුම වතු කම්කරුවන්ගේ අවම වැටුප 1700ක් දක්වා ඉහල යනු ඇති.

වැඩිදුර විස්තර මෙතැනින් බලන්න

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!