පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වන මහින්ද පතිරණට එරෙහිව මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල විසින් කඩුවෙල දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර ඇතිබව වාර්තා වේ .
තමන්ට සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 10 ක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා තිබෙනවා.
පසුගිය දිනක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඉලක්ක කරමින් සිදුකළ අසත්‍ය ප්‍රකාශයක් මඟින් ඔහුට දැඩි අපහාසයක් සිදුව ඇති බව පැමිණිල්ලේ සඳහන් වෙයි .
තමාට පමණක් නොව, තම දේශපාලන ව්‍යාපාරයට ද අපකීර්තියක් එක් කිරීමේ අරමුණින් මහින්ද පතිරණ සිතාමතාම මෙලෙස අසත්‍ය කරුණු ප්‍රචාරය කර ඇති බව සුනිල් වටගල මහතා අධිකරණය හමුවේ පවසා තිබේ .
කොළඹ සිනමන් ලයිෆ් නිවාස සංකීර්ණයේ සුඛෝපභෝගී නිවාසයක් නියෝජ්‍ය අමාත්‍යවරයා සතු බවට මහින්ද පතිරණ මහතා 2025 සැප්තැම්බර් මාසයේදී සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශ කර තිබුණි . ඔහු එහිදී චෝදනා කර තිබුණේ, එය අල්ලසක් මඟින් ලබාගත් සැක සහිත නිවසක් බවයි.
කෙසේවෙතත් සුනිල් වටගල මහතා පවසන්නේ, එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ද්වේෂ සහගත එකක් බවයි.
මෙම අසත්‍ය ප්‍රකාශය නිවැරදි කරන ලෙස හෝ වන්දි ගෙවන ලෙස දන්වා මීට පෙර යවන ලද එන්තරවාසිය මහින්ද පතිරණ විසින් ප්‍රතික්ෂේප කර ඇත .