ල.දු.දේ සේවක හිඟයක් උදයදේවියත් නවතී

මෙම වසරේ දී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ රියදුරන් රැසක් විශ්‍රාමයාමත් සමඟ දුර ගමන් ධාවනය වන දුම්රිය සඳහා සිටි රියදුරන්ගේ හිඟයක් මතුව ඇත.

පවතින සේවක හිඟය හේතුවෙන් දෛනිකව දුම්රිය ගමන්වාර 20කට වැඩි සංඛ්‍යාවක් අවලංගු වීමද සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම පවතින රියදුරු හිඟය හේතුවෙන් කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන උදයදේවී දුම්රියේ ධාවන කටයුතු පසුගිය සිකුරාදා සිට නතරකර ඇති බවට වාර්තාවේ.

දැනට සිටින දුම්රිය රියදුරන් ද දුරගමන් සේවා සඳහා යොමුවීමට මැලිකමක් දැක්වීම හේතුවෙන් දුරගමන් සේවා ධාවන කටයුතු සිදුකිරිම බරපතළ ගැටලුවක් වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් ඇතැම් රාත්‍රී තැපැල් දුම්රිය ද අවලංගු කිරීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *