ලොහාන් රත්වත්තේ ‘ රනිල් ‘ සමග එක්වේ

නැවත රට භාරගැනීම සඳහා තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (04) සඳහන් කළා.

ඒ,සින්නක්කර ඔප්පු 1340ක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි, මැදිරිගිරිය මොරගහගකන්ද යන මහවැලි කලාපවල ජනපදිකයන් වෙත බෙදා දීමේ අවස්ථාවට එක්වෙමිනුයි.

“ගරු ජනාධිපතිතුමනි, මම මගේ ජීවිත කාලයම ඔබතුමාට විරුද්ධව වැඩ කළ කෙනෙක්. මම කිසිදා විශ්වාස කළේ නැහැ ඔබතුමාගේ රජයක ඇමතිකමක් භාරගෙන ඔබතුමා සමග සම්බන්ධ වි වැඩකිරීමට අවස්ථාවක් ලැබෙයි කියලා. නමුත් අද මම ආඩම්බර වෙනවා ඔබතුමාගේ රජයක රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරමින් මේ රටට සේවයක් කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව.

වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඔබතුමා මේ රටේ ආර්ථිකය ස්ථාවර කර රට ඉදිරියට ගෙන යාමේ අඩිතාලම දැමුවා. අද ජනාධිපති අපේක්ෂකයින් වැහි වැහැලා. කටින් බතල හිටවන අය මේ රටේ බෝක්කුවක්වත් හදලා නැහැ. ඒ නිසා අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා නැවත මේ රට භාරගන්න කියලා. පෞද්ගලිකව මගේ උපරිම සහයෝගය ඔබතුමාට ලබාදෙන බව මම මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි. ” යනුවෙන් ඔහු එහිදී කියා සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!