ලෙබනනයට එල්ලකළ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

ඊශ්‍රායලය විසින් ඊයේ රාත්‍රියේ ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික කාන්තාවකට ද සුළු තුවාල සිදුවී ඇති බව වාර්තා වේ. බේරූට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කලේ එම කාන්තාව මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවය.

ඊශ්‍රායල විසින් ලෙබනනය වෙත මිනිත්තු 15 ක් වැනි කෙටි කලයක් තුළ ගුවන් ප්‍රහාර 100 කට ආසන්න සංඛ්‍යාවක් එල්ල කළ අතර එමගින් 254 කු මියගොස් තවත් 1,165කුට තුවාල සිදුව ඇත . කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව මෙම ප්‍රහාරය එල්ල කිරීම නිසා මරණ සංඛ්‍යාව මෙතරම් ඉහළ යාමට හේතුව බව ලෙබනන් සෞඛ්‍ය අංශ පවසයි .

තමන් ඉරාන ඇමරිකා සටන් විරාමයට සහය දෙන මුත් ලෙබනනයේ සිටිනා හිස්බුල්ලා ත්‍රස්තවාදීන් ඉලක්ක කර එල්ලකරනා ප්‍රහාර සඳහා එම සටන් විරාමය බලපෑමක් නොවනා බව ඊශ්‍රායලය ඊයේ පැවසීය .